බද්ද ගැසූ සැණින් අල කිලෝව 30කින් නඟී


(යොහාන් භාසුර)

ආනයනික අර්තාපල් මත පනවා ඇති බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමට  පියවර ගැනීමත් සමඟ අර්තාපල් කිලෝවක මිල රුපියල් 30 කින් පමණ ඉහළ යාහැකි බව අර්තාපල් ආනයනකරුවෝ පවසති.

ආනයනික අර්තාපල් බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දැමීමට පෙර ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 60 ත් 65 ත් අතර ද, දේශීය ආර්තාපල් කිලෝවක් රුපියල් 110 ත් 115 ත් අතර පැවැති බවත් කොළඹ කොටුව තොග වෙළෙඳ පොලේ අද පෙරවරුවේ ආනයනික ආර්තාපල් කිලෝවක් රුපියල් 85 කට ද, දේශීය අර්තාපල් කිලෝ එකක් රුපියල් 130 කට ද, අළෙවි වූ බවත් ආනයනකරුවෝ පවසති.

ආනයනික අර්තාපල් කිලොවක් මත පනවා තිබූ බද්ධ පසුගිය පෙබරවාරි මස 12 වැනිදා රුපියල් 55 සිට රුපියල් 15 ක් දක්වා අඩු කළ අතර මෙම නව බදු වැඩි කිරීමත් සමඟ අර්තාවල් කිලෝවක් සඳහා රුපියල් 35 ක් බද්ධ ඉහළ දමා තිබේ.